Sunday, March 25, 2012

අඳුරෙන් එළියට-    අඳුරෙන් අඳුරට-
එළියෙන් අඳුරට-   එළියෙන් එළියට
පිවිසෙන මිනිස් වර්ග සතර



පෙර පව් අකුසල සහිතව       මෙලොවට
ඉපැදීමෙන් පසු තව තව        පව් කොට
උතුම් මිනිස් බව කෙලෙසා        ගත් විට
මේ වැනි අය යති අඳුරෙන්       අූඳුරට


පෙර පව් අකුසල සහිතව             උපනත්
ඉපැදීමෙන් පසු කුසලෙහි       යෙදුනොත්
කළ කම් ගෙවමින් දිවියක්          යහපත්
ගෙවනා අය අඳුරෙන් එලියට           එත්





තවත් අයෙක් පෙර කුසලෙහි       යෙදිලා
මේ ලොව ඉපිද මිනිස් බව             ලබලා
කුසලෙහි නොව- නිති පාපෙහි      ගැලිලා
එළියෙන් අඳුරට ආපසු                හැරිලා


වෙනත් අයෙක් පෙර පින් පල      ලබලා
මෙලොව ඉපිද යලි යලි පින්         කරලා
මිනිසත් බවකින් නිසි පල         නෙලලා
එළියෙන් එළියට එති බණ           අසලා


තැත් කළ යුත්තේ එන්නට        හැමවිට
අඳුරෙන් එළියට-එළියෙන්         එළියට
එපා හැරෙන්නට එළියෙන්          අඳුරට
හෝ අඳුරෙන් යලි යලි එම          අඳුරට

No comments:

Post a Comment