Sunday, March 25, 2012



මුදලට ඇයි වැඩියෙන් ගිජු        වෙන්නේ
පරහිත කාමි බව                 ගිලිහෙන්නේ
තව තව වස්තුව රැුස් කර           ගන්නේ
එසේ කලොත් දෙලොවම   පිරිහෙන්නේ


අත හිත දුන් ගුරු-දෙගුරුන්     නෑයින්
වැඩිහිටියන් හා සෙසු       අසරණයින්
හිස එසවූ දා නොකරනු           මායින්
අවැඩක් සිදුවේ දනු              ඒවායින්


අන් අයගේ අත හිත නොලබා       මම
හිස ඔසවා රජ වූයෙමි              තනියම
මෙලෙසින් නොසිතනු ආ මග  බැලූවම
පෙනේවි අත්-හිත් දුන් අය     හැමෝම


අතීත පසුබිම සැකසී               ඇත්තේ
අන් කාගෙත් පිහිටෙනි දත      යුත්තේ
එහෙනම් ඇයි? හිස උදුමා        ගත්තේ
ගුණමකු කම නොහොබී-හල  යුත්තේ


උගත්කමින් හා බලයෙන් ඔබ          ලද
උඩඟුව මත්වී ඉන්නේ ඇයි              අද
මාායා සිතුවිලි සිත් තුල සිඳ            බිඳ
නිහතමානි ගුණ වැඩුවොත් වෙයි  හොඳ


කළ හොඳ සුලූකොට අමතක    නොකරනු
දිය මත ඇඳ ඉරි මෙන් එය       නොතකනු
ගුණමකු කම නොහොබී එය          දුරලනු
ඉතා උසස් ලෙස කළ ගුණ            සලකනු

No comments:

Post a Comment